Tamil-Sri LankaEnglish (United Kingdom)
දකුණු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව
  • දකුණු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව
  • දකුණු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව
  • දකුණු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව

නැවුම් පුවත්

ඉඩම් රාජකාරීවල නියැලී සිටින සියලු නිලධාරීන්ගේ දැනුම ආකල්පමය කුසලතාව වැඩිදියුණු කිරීම

ඉඩම් රාජකාරීවල නියැලී සිටින සියලු නිලධාරීන්ගේ දැනුම ආකල්පමය කුසලතාව වැඩිදියුණු කිරීම සඳහා පුහුණු වැඩමුළු පැවැත්වීමට කටයුතු කර ඇත. මෙහිදී ඉඩම් රාජකාරීවලට අදාළ ආඥා පනත් හා චක්‍රලේඛ, විටින් විට සංශෝධනය වන චක්‍රලේඛ පිළිබඳවත් ඔවුනට දැනුම ලබා දේ. මේ තුළින් දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 47 තුළ සිටින ඉඩම් විෂය සම්බන්ධ සියලු නිලධාරීන් පුහුණු වැඩසටහන් සඳහා සම්බන්ධ කර ගැනීමට අවශ්‍යර  කටයුතු සම්පාදනය කර ඇත.


 
පවුල් 10,000කට ඉඩම් බලපත්‍ර ලබාදීම - 2 පියවර

මහින්ද චින්තන වැඩසටහන යටතේ ඉඩම් කැබලි ලක්ෂයක් බෙදා දීමේ දෙවන අදියර යටතේ දකුණු පළාත තුළ ඉඩම් කැබලි 10,000ක් බෙදා දීමට සැලසුම් කර ඇත. ඒ අනුව දකුණු පළාතේ බලපත්‍රයක් අහිමිව තිබු පවුල් 10000කට ඉඩම් අයිතිය හිමිකම ලැබේ.


 
ඉඩම් ගැටළු විසඳාදීමට ජංගම සේවා පැවැත්වීමේ වැඩසටහන්

ඉඩම් කච්චේරි හා පළාත් දින පවත්වා දකුණු පළාත් ජනතාවගේ ඉඩම් ප්‍රශ්න අවම කිරීම සඳහා කොට්ඨාශ මට්ටමින් ජංගම සේවා පැවැත්වීමේ වැඩසටහනක් 2010 වර්ෂය තුළ ක්‍රියාත්මක කර ඇත. කොට්ඨාශ මට්ටමින් ඉඩම් ගැටළු විසඳීම මෙහි ප්‍රධානතම අරමුණ වන අතර එදිනම ඉඩම් කච්චේරි යෝජනා ලබා දිම ද සිදු වේ.ඊට අමතරව, නව දීමනා පත්‍ර, දීර්ඝකාලීන බදුකර පිළියෙල කිරීමට අදාල වාර්තා පරික්ෂා කිරීමද, ඉඩම් ගැටළු විසඳාදීමට අවශ්‍යව පියවර ද ගනු ලැබේ.


 

දැක්ම

මතු පරපු‍රේ අයිතීන් සුරකින දරිද්‍රතතාවය පිටු දකින ඉඩමෙන් ප්‍රශස්ථ ඵල  නෙලන දකුණු පළාතක් කරා

 

මෙහෙවර

පරිසරයේ සමතුලිතතාව රැකෙන පරිදි අදාළ සියළු අංශවල මනා සම්බන්ධීකරණයෙන් යුතුව, සංවර්ධනයේ චිරස්ථායි බව අරමුණු කරගෙන, පළාතේ ඇති රජ‍යේ ඉඩම් ප්‍රශස්ථ මට්ටමින් යෙදවීම තහවුරු කරන මනා කළමනාකාරිත්වයක් පවත්වාගෙන යාම.

 

මාර්තු 2017
බ්‍ර සි සෙ
26 27 28 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය